අද සාලාවේ කළු කොඩි - ප්‍රදේශවාසීන් ආණ්ඩුවට දින 07 ක් කල් දෙයි

Tuesday, 25 October 2016 - 18:24

%E0%B6%85%E0%B6%AF++%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+07+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොස්ගම - සාලාව යුද හමුදා කඳවුර පිපිරීම සිදුවී මාස 05 ක් ගතව ඇතත්, මේ වනතෙක් ඊට අදාළ වන්දි ගෙවීම් නිසි පරිදි සිදුනොවන බවට සිද්ධියෙන් විපතට පත්වූවන්ගේ ජනතා එකමුතුව චෝදනා කරනවා.

ඊට අද (25)රාත්‍රියේ කලු කොඩි ඔසවා විරෝධය පළ කරන බවයි සාලාව යුද හමුදාව කඳවුර පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ ජනතා එකමුතුවේ සභාපති හේමන්ත රොද්‍රිගෝ අද (25) පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

සතියක කාලයක් තුළ නිසි විසඳුමක් නොලැබුනහොත් මාරාන්තික උපවාසයක් අරඹන බවද ඔහු කියා සිටියා.

මාධ්‍ය හමුවට එක්වු සාලාව යුද හමුදාව කඳවුර පිපිරීමෙන් පීඩාවට පත් ව්‍යාපාරික එකමුතුවේ නියෝජිත ටී.ඒ.විජේකුමාර කියා සිටියේ මේ වනවිට තම ව්‍යාපාරිකයින් ණයකරුවන් බවට පත්ව ඇති බවයි.

සාලාව අවි ගබඩාවේ පිපිරීම සිදු වූයේ 2016 වසරේ ජූනි මස 5 වැනිදායි.

එම පිපිරීමෙන් සාලාව කොස්ගමල මුරුතගම ඇතුළු ග්‍රාම සේවා වසම් 13 ක විශාල පිරිසකගේ දේපොළවලට හානි සිදුවුණා.

අද වන විටත් සාලාව ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරික ස්ථාන යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබී නැහැ.