පොලිස්පති යළිත් අඩුපාඩු පිළිගනී

Tuesday, 25 October 2016 - 19:28

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් උතුර පළාත තුළ අද (25) පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා.

ඒ හේතුවෙන් යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල වෙළඳසැල් රැසක් වසා දැමුණු අතර, ඇතැම් ස්ථානවල කළුකොඩිද ඔසවා තිබූ බව සඳහන්.

උතුර පළාතේ බස් ධාවනයද ඇණහිටීම හේතුවෙන් දෛනික කටයුතු  සහ රාජකාරී සඳහා පැමිණි මගීන් අපහසුතා රැසකට මුහුණ දී තිබෙනවා.  

මේ අතර, අදාළ සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් යම් අඩුපාඩුවක් සිදුවී ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කළා. ඒ, 150 වන පොලිස් දිනය නිමිත්තෙන් අනුරාධපුරයේදී පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අද (25) පාර්ලිමේන්තුවේදීද මේ පිළිබඳව සංවාදයක් මතුවුණා.