කහටගහ පතලේ උපවාසය තවදුරටත්

Wednesday, 26 October 2016 - 7:02

%E0%B6%9A%E0%B7%84%E0%B6%A7%E0%B6%9C%E0%B7%84+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
කුරුණෑගල - දොඩංගස්ලන්ද - කහටගහ පතලේ සේවකයන් 108 දෙනෙකු අඩි 1132 ක් පතල අභ්‍යන්තරයේ සිට ආරම්භ කළ උපවාසය අද (26) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

කහටගහ පතල පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව සූදානම් බව පවසමින් එහි සේවකයන් පසුගිය 19 වනදා සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.

ඊයේ පෙරවරුවේ සිට සේවකයන් උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ උද්ගතව ඇති ගැටලූවට බලධාරින්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන්.

අද දිනය තුළ සාකච්ඡාවක් ලබාදීමට කටයුතු නොකළහොත් අඩි 2000 ක් පතල අභ්‍යන්තරයට බැස මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි නිදහස් සේවක සංගමයේ උප ලේකම් නිමල් වීරසූරිය ප්‍රකාශ කළේ.