හිලරිට, ට්‍රම්ප්ගෙන් තවත් චෝදනාවක්

Wednesday, 26 October 2016 - 7:04

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92%E0%B6%A7%2C+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවිය හැකි බව රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිලරි ක්ලින්ටන් සිරියාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර ඇති විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කරමින්.

ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම හිලරි ක්ලින්ටන් ද සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ධුරයෙන් වහා ඉවත්විය යුතු බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඩොනල්ඞ් ට්‍රම්ප් පවසන්නේ එවැනි කටයුත්තකින් ගැටලුව නොවිසෙදන අතර, IS  ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කර පරාජයට පත් කළ යුතු බවයි.