වැට් බදු විවාදය අද

Wednesday, 26 October 2016 - 7:08

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා.

එහි ඡන්ද විමසීමද අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිත බව සඳහන්.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කෙරුණා.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහි තීරණය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයා වෙත දැනුම්දී තිබුණා.

අද දිනයේත් පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරුන්ට අනිවාර්ය කර තිබෙනවා.