ඇප නියම වූ නිලධාරින් වෙනුවෙන් මුදල් එක්රැස් කිරීමේ වැඩසටහනක්

Wednesday, 26 October 2016 - 8:40

%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ඇප නියම වූ හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන් එම මුදල එක්රැස් කිරීමේ වැඩසටහනක් ඊයේ (25) ආරම්භ වුණා.

ඒ, කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදීයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයේ පළමු සහ තුන්වැනි සැකකරුවන්ට අවිස්සාවේල්ල මහාධිකරණයෙන් නියමකර ඇති ඇප මුදල් සොයා ගැනීම වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයයි.