ඉන්දු - නවසීලන්ත අගමැතිවරුන් අතර හමුවක්

Wednesday, 26 October 2016 - 10:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නිල සංචාරයක නිරත නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතයි.

මෙම හමුවේදී ජාත්‍යන්තර න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ගේ සමූහයේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා සහය ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සූදානම් වනවා.

ඉන්දියාවට ජාත්‍යන්තර න්‍යෂ්ටික අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ගේ සමූහයේ සාමාජිකත්වය ලබා දුනහොත් තමන්ට ද එම අවස්ථාව හිමිවිය යුතු බවයි පාකිස්ථානය පවසන්නේ.

එම තත්ත්වය මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් සහය ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව විදෙස් වාර්තා සදහන් කළා.