උතුරුමැද ආයුර්වේද කොමසාරිස්වරයාට ඇසිඩ් ගැසූ හිටපු යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගන්නැයි නියෝග

Wednesday, 26 October 2016 - 10:28

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස්ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් දැනට අධිකරණය මග හැර සිටින යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ මීට අදාළ නඩුව ඊයේ උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

ආයුර්වේද කොමසාරිස්වරයා වෙත ඇසිඞ් ප්‍රහාරය එල්ල කර ඇත්තේ මින්නේරිය, රජඇල ප්‍රදේශයේ පදිංචි මෙම හිටපු සෙබලා බවට හෙළි වී තිබෙනවා.

උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස්ට 2013 වසරේ පෙබරවාරි 22 වනදා අලුයම් කාලයේදී ඇසිඞ් ප්‍රහාරය එල්ල වුණේ ඔහු නිල නිවසේ රැදී සිටියදීයි.