ලොව ප්‍රධාන දුරකථන සමාගමක අලෙවියේ පහළ යාමක්

Wednesday, 26 October 2016 - 11:46

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තම දුරකථන අලෙවිය මෙම වසරේ තුන්වන කාර්තුව වන විට පහළ බැසීමක් පෙන්නුම් කරන බව ඇපල් සමාගම පවසනවා.

කෙසේවෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ බලාපොරොත්තු වු ප්‍රමාණයට වඩා ආදායමේ වර්ධනයක් ලැබී ඇති බවයි.

එය මීට පෙර අනුමාන කල ආදායමට වඩා ඉහළ යාමක් බවයි ඇපල් සමාගම සඳහන් කර ඇත්තේ.

සැප්තැම්බර් 24 දක්වා වු මාස 3 ක කාලය තුල පමණක් ඇපල් දුරකතන මිලියන 45.51 ක් අලෙවි වී තිඛෙනවා.

එම මාස 3 තුල ඔවුන්ගේ  අපේක්ෂිත අලෙවිය වුයේ මිලියන 44.8 ක්.

ඇපල් සමාගම අනාවැකි පළකර ඇත්තේ එළඹෙන නිවාඩු සමයේදී දුරකථන අලෙවියෙන් ලැඛෙන ආදායම ඩොලර් බිලියන 76 ත් 78 ත් අතර වනු ඇති බවටයි.

කෙසේවෙතත් ඇපල් සමාගමේ දුරකථන අලෙවිය 2001 වසරට සාපේක්ෂව මේවන විට අඩු මට්ටමකයි පවතින්නේ.

විවිධ සමාගම් මගින් ස්මාර්ට් දුරකථන නිෂ්පාදනය,වෙළඳපොල තරගකාරීත්වය ඉහළ යෑම මෙන්ම විවිධත්වය ඊට හේතුව වී තිබෙනවා.