කෝප් කමිටු රැස්වීමක් අද පස්වරුවේ

Wednesday, 26 October 2016 - 12:47

%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මහබැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.

පස්වරු 2.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙම සාකච්ජාව පැවැත්වෙන්නේ කෝප් කමිටුවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්.

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය සදුදා කෝප් කමිටුව රැස් වූ අතර, එහිදී කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති ඉන් නැගිට ගියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විගණකාධිපතිවරයාට බලපෑම් කළ බව පවසමින්.

පසුව, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තාවකාලික සභාපතිවරයෙකු පත් කර ගනිමින් නිර්දේශ ඉදිරිපත් කළා.  

එමගින් ඔවුන් නිර්දේශ කළේ මතභේදකාරී බැඳුම්කර සිද්ධියට අදාළ තැරැව්කාර සමාගමේ ප්‍රධානියා වන අර්ජුන් ඇලෝෂියස් ඇතුලු අධ්‍යක‍ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවටයි.

කෙසේ වෙතත්, අද පැවැත්වෙන රැස්වීමේදී දැනට සම්මත කරගෙන ඇති ප්‍රධාන වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි කෝප් කමිටුවේ නියෝජිත ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී බිමල් රත්නායක සදහන් කළේ.