ජනපතිගේ රැස්වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුනුත්

Wednesday, 26 October 2016 - 12:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A
නව තාක්ෂණයෙන් සහ අධ්‍යාපනයෙන් ඉහළ මට්ටමකට පැමිණිය ද තම මාතෘභූමිය සහ සංස්කෘතිය කිසිවෙකුත් අමතක නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගම - පිටිපන ප්‍රදේශයේ ඉදිකෙරුණු එන්.එස්.බී.එම් හරිත සරසවිය විවෘත කිරීමේ අවස්ථාවට අද (26) පෙරවරුවේ එක්වෙමින්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයේ ද සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන ද එක්ව සිටියා.

රුපියල් බිලියන 10 යි දශම 2 ක වියදමින් ඉදිකෙරුණු එන්.එස්.බී.එම් හරිත සරසවිය අක්කර 26 ක් පුරා විහිදෙන දකුණු ආසියාවේ ප්‍රථම හරිත සරසවියයි. මෙහි සිසුන් 30,000 කට ඉගෙනුම ලැබීමේ හැකියාව පවතින බවයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සදහන් කළේ.