IS ක්‍රියාකාරීන්ගේ තවත් අපරාධයක් හෙළිවෙයි

Wednesday, 26 October 2016 - 14:23

IS+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
IS ක්‍රියාකාරීන් සිය සාමාජිකයන් 9 දෙනෙකු ගිනි තබා ඝාතනය කර තිඛෙනවා.

ඒ මෝසුල් නුවර පැවති ගැටුම් අතරතුර පළා යාමට උත්සාහ කිරීම හේතුවෙනුයි.

ඉන්ධන පිරවු වළවල්වල දමා මෙම අයි එස් ක්‍රියාකාරීන් 9 දෙනා ඝාතනය කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

ඉරාකයේ IS ක්‍රියාකාරීන් යටත් පැවති අවසාන බලකොටුව වුයේ මෝසුල් නගරයයි.

එය අත්පත් කර ගැනීම වෙනුවෙන් ඉරාක සහ අමරිකා ඒකාබද්ධ හමුදා පසුගිය සතියේ දැවැන්ත මෙහෙයුමක නිරත වුනා.

එම මෙහෙයුමේදී IS කැරළිකරුවන් මිනිස් පළිහක් ලෙසට ප්‍රදේශයේ ජනතාව ද යොදාගෙන තිබු බවටයි අනාවරණ වුයේ.

එහිදි ඔවුන් පුද්ගලයන් 284 දෙනෙකු ඝාතනය කර තිබුනා.

එම ගැටුමේදී පළා යාමට උත්සාහ කල සාමාජිකයන් 9 දෙනෙකු මෙලෙස ගිනි තබා මරා දමා ඇති බවටයි මේවනවිට හෙළිවී ඇත්තේ.

කැරළිකරුවන් භාරයේ තිබු ගම්මාන 90 කට වැඩි ප්‍රමාණයක් පසුගිය සතියේ පැවති මෙහෙයුමෙන් ඛේරා ගැනුනා.