අකුණු සැර වැදී දෙදෙනෙකුට තුවාල

Wednesday, 26 October 2016 - 15:09

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මිහින්තලේ - නැටියගම ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ පස්වරුවේ වර්ෂාව පැවති අවස්ථාවේ මෙලෙස අකුණු සැර වැදී ඇත්තේ ට්‍රැක්ටරයකින් හේනක් හාමින් සිටි එහි රියදුරාට සහ අසළ සිටි පුද්ගලයෙකුටයි.

පිළිස්සුම් තුවාල ලබා කම්පනයට පත්ව සිටි ඔවුන් තම්මැන්නා ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී බරපතල තත්ත්වයේ පසුවූ විසි හැවිරිදි ට්‍රැක්ටරයේ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර තම්මැන්නාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් පුද්ගලයා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.