තොරතුරු දැනගැනීමේ පනත ලබන වසරේ පෙබරවාරි හතරවනදා සිට බලාත්මකයි

Wednesday, 26 October 2016 - 15:10

%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
තොරතුරු දැනගැනීමේ පනත, ලබන 2017 වසරේ පෙබරවාරි හතරවනදා සිට බලපැවැත්වෙන බව රජය ප්‍රකාශ කළා.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මේ බව හෙළිදරව් කළේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පසුගිය ජූනි 24 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එය මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ මේ වසරේ මාර්තු 24 වනදායි. කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ අතර, ඒ අනුවයි එය සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණේ.