අයි.එස්. ත්‍රස්තයන් ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 30 දෙනෙකු පැහැරගෙන ඝාතනය කරයි

Wednesday, 26 October 2016 - 15:13

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇෆ්ගනිස්ථානයේ ඝෝර් ප්‍රදේශයේදී අයි.එස්. සන්නද්ධ කණ්ඩායමක් විසින් සිවිල් වැසියන් 30 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බව වාර්තාවනවා.

මෙහි කඳුකර ප්‍රදේශයක දර කැඞීමට ගිය සිවිල් වැසියන් ඔවුන්ගේ බැටළුවන්ද සමඟ පැහැරගෙන ගොස් ඇති අතර, ඇෆ්ගන් හමුදා ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමඟයි අයි.එස්. ත්‍රස්තයන් සිවිල් වැසියන් ඝාතනය කර ඇත්තේ.

ඝාතනය කෙරුණු පිරිසට කුඩා ළමයින්ද ඇතුළත් වන බව සඳහන්.

තලේබාන් බලය අභිබවා අයි.එස්. සංවිධානය පසුගිය කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ සිය ප්‍රහාර උත්සන්න කළා.