ප්‍රශ්ණ කිරීම් හමුවේ සුජීව සහ සාගල කැබිනට් මාධ්‍ය හමුවේදී නැගිට යයි

Wednesday, 26 October 2016 - 18:14

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන කෝප් කමිටු වාර්තාව පිළිබඳ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්  කෝප් කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා.  

එහිදී ඔහු කෝප් කමිටුවට සහභාගි වූ වාර ගණන පිළිබඳවද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඒ පිළිබඳව අමාත්‍යවරයා නිසි පිළිතුරක් ලබාදුන්නේ නැහැ.

අල්ලස් කොමිසම ඇතුලු ආයතන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු නොකළේ ඇයිදැයි මාධ්‍යවේදීන් වැඩිදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කළා.

දීර්ඝ ලෙස සිදු කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කැබිනට් මාධ්‍ය හමුවෙන් ඉවත් වුණේ තවදුරටත් ප්‍රශ්න විමසීමෙන් වළකින ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලමින්.

මේ අතර තොරතුරු දැනගැනීමේ පනත, ලබන වසරේ පෙබරවාරි හතරවනදා සිට බලපැවැත්වෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පසුගිය ජූනි 24 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එය මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ මේ වසරේ මාර්තු 24 වනදායි.

මේ අතර කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සඳහන් කළේ සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි.

එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළ උතුර පළාතේ ක්‍රියාත්මක ආවා නම් කල්ලිය පිළිබඳවද කරුණු විමසුවා.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන් අඛණ්ඩව සිදුකළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා නොදී අමාත්‍යවරයා මාධ්‍ය හමුවෙන් ඉවත්ව ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.