ප්‍රබුද්ධ රටක් ගොඩ නගමු-ජනපති කියයි

Wednesday, 26 October 2016 - 18:19

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%B8%E0%B7%94-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රබුද්ධ රටක් මෙන්ම දැනුමෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය සියලු දොරටු විවෘත කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හෝමාගම - පිටිපන ප්‍රදේශයේ ඉදිවුණු හරිත සරසවිය විවෘත කිරීමේ උත්සවය අද අමතමින්.

අපේකම රැකගෙන නූතන අධ්‍යාපනය ජයගත යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම්වලට අදාළ ගිවිසුමට අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අත්සන් තැබුණා.