වැට් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

Wednesday, 26 October 2016 - 19:15

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

එය දෙවන වර කියවීමේදී වැඩි ඡන්ද 66 කින් සම්මත වූ අතර, තුන්වන වර කියවීමේදී වැඩි ඡන්ද 53 කින් සම්මත වීම විශේෂත්වයක්.

දෙවන වර කියවීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 112 ක් සහ විපක්ෂව ඡන්ද 46 ක් ලැබී තිබුණා.

මන්ත්‍රීවරුන් 65 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැහැ.

තුන්වන වර කියවීම සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කිරීම හේතුවෙන් යළි ඡන්ද විමසීමක් පැවැත්වුණා.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 76 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 23 ක්.

ඒ අනුව වැඩි ඡන්ද 53 කින් පනත් කෙටුම්පත සම්මත වුණා.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ වුයේ අද පෙරවරුවේයි.

එහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනවා තිබූ වැට් බදු ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

අද දිනයේදී වැට් බදු සංශෝධනයට අදාළව විවාදය අතරතුර මුදල් අමාත්‍යවරයා අදහස් පළ කරද්දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාද ඊට මැදිහත් වුණා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අදහස් පළ කරන අවස්ථාවේදී අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ සරත් අමුණුගම ඊට මැදිහත්වීමට යාමේදී ඇතිවුයේ උණුසුම් තත්ත්වයක්.

එහිදී අමාත්‍ය කබීර් හෂීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ද අදහස් දක්වා සිටියා.

මේ අතර 2017 අය වැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමක් ද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එහිදී සංශෝධන යෝජනාවට පක්ෂව ඡන්ද 112 ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූයේ ඡන්ද 45 ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 67 කින් විසර්ජන සංශෝධන පනත සම්මත වුණා.