කුඩු රොෂාන් ඇතුලු 11 දෙනා 31 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Thursday, 27 October 2016 - 8:48

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+31+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේදී පුද්ගලයන් සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුඩු රොෂාන් ඇතුලූ 11 දෙනා මේ මස 31 වනදා දක්වා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද අවසර හිමිවුණා.

ඒ, සැකකරුවන් අද (27) උදෑසන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 23 වනදා රාත්‍රියේ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් ඇතුලූ 9 දෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගත්තා.

ඒ, රත්නපුර - වේවැල්වත්ත ප්‍රදේශයේ කුඩු රොෂාන් නැමැත්තාගේ ඥාති නිවසක සැඟව සිටියදියි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමට යොදා ගත් ටී 56 ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් කඩවත - පුවක්පිටිය - සිතුල්පව්ව දේවාලයේ සගවා තිබියදී සොයා ගනු ලැබුවා.

එහිදී ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත එම දේවාලයේ කපුවා සහ ඔහුගේ බෑනා ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්ඩංගුවට ගත්තා.   

මෙම වෙඩි තැබීමෙන් මියගියේ චූටි උක්කුවා නැමති පාතාල කල්ලි නායකයෙකුු ඇතුලූ හතරදෙනෙක්.

සිද්ධියෙන් තවත් තුන්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.