රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ කැදවීමට අවසර

Thursday, 27 October 2016 - 13:05

%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%A2%E0%B7%96%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරියේ කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක අද අවසර ලබාදුන්නා.

ඒ විත්තිකරුවන් අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විත්තිකරුවන් 03 දෙනෙකු නොමැතිවයි මෙම නඩුව විභාගයට ගැනෙන්නේ.

ඒ අනුව, මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු අනෙක් විත්තිකරුවන් තුන්දෙනාට දැනටමත් අධිචෝදනා භාරදී තිබෙනවා.

නාරාහේන්පිට ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කෙරුණේ 2006 වසරේදීයි.