ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ සාමාජිකයාට ඇප

Thursday, 27 October 2016 - 15:30

%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දින 100 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි යුධ හමුදා බුද්ධි අංශ සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම අද (27) ඇප මත මුදා හැරුණා.

රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප 3 ක් මත ඔහු මුදා හැරීමටයි ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් නියෝග කළේ.

ඊට අමතරව, සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබෙනවා.

එමෙන්ම, යුද හමුදාවේ කිසිදු වෘත්තීයක නියැලීම ද තහනම් කර ඇති අතර කිසිදු යුද හමුදා කදවුරකට ඇතුළු වීමට ද ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදා හැරුණු බුද්ධි අංශ සැරයන්වරයා වෙත තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් සැකකාර බුද්ධි අංශ සැරයන්වරයා යළි බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

නඩු විභාගයෙන් අනතුරුව අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සදහන් කර සිටියේ නීතිය යටතේ තවදුරටත් අත්අඩංගුවේ තබා ගැනීමට නොහැකි නිසා ඇප ලබා දුන් බවයි.