රජයේ ණය බර පහළට - අගමැති

Thursday, 27 October 2016 - 18:16

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BB+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
ලබාගත් ණය සඳහා හිලව් වන ලෙස චීන ආයෝජන සිදුකිරීමට අවස්ථාව ලබාදීම තුළින් ඇමරිකානු ඩොලර් බිලියනයකින් ණය බර අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ රටේ ඉදිරි ආර්ථික දැක්ම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (27) සිදුකළ ප්‍රකාශය අතරතුරයි.

එමෙන්ම, ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග 11 ක් සම්බන්ධයෙන් අද (27) දිනයේදී විවාදයට ගැනුණා.

එම විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ කෝප් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වන බවයි.  

විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මැරීම පිළිබඳව අදහස් පළ කරද්දී ඊට අමාත්‍ය මහින්ද අමරවීර මැදිහත් වෙමින් පිළිතුරු ලබාදුන්නා.