Update : බැදුම්කර සිද්ධිය පිළිබද කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

Friday, 28 October 2016 - 7:10

Update+%3A+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මහබැංකු බැදුම්කර ගණුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීට සුළු වේලාවකට ආරම්භ වූවා.

ඒ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින්.

Update : Friday, October 28, 2016 11.01
------------------------------------------------------

මහබැංකු බැදුම්කර ගණුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මහබැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සදහා පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

එදින පස්වරු 2.30ට පමණ ආරම්භ වූ එම රැස්වීම සන්ධ්‍යාව වනතුරු පැය කිහිපයක් තිස්සේ පැවති අතර එහිදී තීරණය වූයේ කමිටු වාර්තාව අද දිනයේදී ඉදිරිපත් කිරීමටයි.

ඒ සදහා කමිටුවේ සියලු සාමාජිකයන්ගේ එකගත්වය හිමිවූ බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සදහන් කළේ.

මේ අතර, කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී බැදුම්කර සිද්ධියට අදාළ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දිවයිනෙන් නික්ම ගොස් ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

 
මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය සදුදා කෝප් කමිටුව රැස් වූ අතර,එහිදී කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති ඉන් නැගිට ගියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විගණකාධිපතිවරයාට බලපෑම් කළ බව පවසමින්.

පසුව, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තාවකාලික සභාපතිවරයෙකු පත් කර ගනිමින් කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන ගියා.  

පසුව ඔවුන් නිර්දේශ කළේ මතභේදකාරී බැඳුම්කර සිද්ධියට අදාළ තැරැව්කාර සමාගමේ ප්‍රධානියා වන අර්ජුන් ඇලෝෂියස් ඇතුලු අධ්‍යක්‍ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවටයි.


මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:12

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More