ජාතික ආරක්ෂාව ගැන ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ - ජනපති

Friday, 28 October 2016 - 7:15

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
කුමන විවේචන එල්ල වූවද රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව තමා අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිදු අයුරකින් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පිරිනැමෙන 2016 වික්‍රම සම්මාන උළෙලට බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (27) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්ද එක්ව සිටියා.