අදත් පළාත් කිහිපයකට වැසි කාලගුණයක්

Friday, 28 October 2016 - 8:32

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බෙංගාල බොක්කේ පැවති කයාන්ට් සුළි කුණාටුව මේ වනවිට දුර්වලවී දිවයිනට කිලෝමීටර් 700 ක් ඊසාන දෙසින් ස්ථානාගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ නමුත්, දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේ දී ද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම, ඔක්තෝම්බර් 29 වැනිදායින් පසු දිවයිනේ වැසි තත්ත්වය වැඩිවේයැයි අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර ප්‍රකාශ කළා.