කොළඹ නවාතැන්පොලකදී පුද්ගලයෙකු හදිසියේ මියයයි

Friday, 28 October 2016 - 10:16

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටුව -කෙලින් වීථියේ පිහිටි නවතැන්පොලක කාමරයක් කුලියට ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත නවාතැන්පොලේ මියගොස් සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගෙන ඇති බව සදහන්.

මොහු මීට දින කිහිපයකට පෙර මියයන්නට ඇති බවට පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ - 07 ග්‍රෙගරි පාරේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.