පාකිස්ථානයෙන් කාශ්මීරයට ෂෙල් වෙඩි

Friday, 28 October 2016 - 10:26

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%82%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
පාකිස්ථාන හමුදා දේශසීමා ඔස්සේ ජම්මුකාශ්මීරයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන සිට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බව ඉන්දියාව පවසනවා.

එය පසුගිය පැය 12 ඇතුළත පාකිස්ථානය සිදුකළ 6 වන සටන් විරාම උල්ලංඝනය කිරීම බවයි ඉන්දීය බලධාරින් ප්‍රකාශ කළේ.

එමෙන්ම සිය හමුදා ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කළා.

ඉන්දියාව, කාශ්මීර දේශසීමාව ඔස්සේ පාකිස්ථානයට පසුගියදා එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් අනතුරුව, ඉන්දු - පාකිස්ථාන දේශසීමා කලාපයේ පවතින්නේ උණුසුම්කාරි තත්ත්වයක්.