වැට් බද්ද දැනෙන දවස හිටපු ජනපති කියයි

Friday, 28 October 2016 - 12:11

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%99%E0%B6%B1+%E0%B6%AF%E0%B7%80%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වත්මන් රජය අසරණ රෝගීන්ගෙන් පවා බදු අය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ දැරණියගල ප්‍රදේශයේ අද (28) උදෑසන පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.

රජයේ නාස්තිය සහ සොරකම වළක්වා ගතහොත් ජනතාව මත වැට් බද්දක් පැනවීමට අවශ්‍ය නොවන බවයි ඔහු එහිදී තවදුරටත් සදහන් කළේ.

ලබන නොවැම්බර් පළමුවැනිදායින් පසු ජනතාවට වැට් බද්ද දැනීමට පටන් ගනු ඇති බව ද හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ පික්පොකට් න්‍යායක් බව ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.