හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ සටනට මිෂෙල් ඔබාමාත් එක්වෙයි

Friday, 28 October 2016 - 12:14

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිද මිෂෙල් ඔබාමා ද ඊයේ එක්වුණා.

උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ වින්ස්ටන් - සාලෙන් ප්‍රදේශයේ ඊයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී ඇය ප්‍රකාශ කළේ කාන්තාවන්ගේ ගෞරවණීයත්වය ආරක්ෂා කර ගැනීම උදෙසා ඩොනල්ඞ් ට්‍රම්ප් පරාජය කළ යුතු බවයි.

රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් කාන්තාවන්ට හිංසාකාරි බව ඩිමොක්‍රටික් ප්‍රචාරක ව්‍යාපාරය මගින් පෙන්නුම් කරන ප්‍රධාන කරුණක්.

හිලරි ක්ලින්ටන් ඇමරිකානු ජනපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය සදහා ජනාධිපති බැරැක් ඔබාමා සමග 2008 වසරේදී තරග වැද පරාජය වූ අතර, පසුව ඔහුගේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළා.