ඕමානයේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වෙන්දේසියේ

Friday, 28 October 2016 - 12:15

%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්  ඕමානයේ - මස්කට් නුවරදී වෙන්දේසි කරන බවට  ඕමාන පුවත්පතක් හෙළිදරව්වක් සිදුකළා.  

ඕමානි ටයිම්ස් නමැති එම පුවත්පත සදහන් කරන පරිදි තානාපති කාර්යාල සම්බන්ධීකරණයකින් තොරව එලෙස ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක්  ඕමාන රියාල් 1500 කට පමණ ලබා ගත හැකියි.

පුවත්පත මගින් යෙදවූ නියෝජිතයන් අදාළ ජාවාරම සිදුකරන පුද්ගලයන් සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඔවුන් සදහන් කර ඇත්තේ වැටුප, රැකියා බලපත්‍රය සහ හැදුනුම්පත පමණක් එලෙස ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ලබා ගැනීමට ප්‍රමාණවත් බවයි.

ඒ සදහා තානාපති කාර්යාලය හරහා කටයුතු කිරීම අවශ්‍ය නොවන බවයි ඔවුන් සදහන් කර ඇත්තේ.

කෙසේ නමුත්, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට මෙරට විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තානාපති කාර්යාලය දැනුම්වත් කිරීමකින් තොරව  ඕමානයේ රැකියා සදහා පැමිණිය නොහැකි බව එහි ප්‍රකාශකයෙකු  ඕමානි ටයිම්ස් පුවත්පතට සදහන් කර තිබෙනවා.

කෙසේ නමුත් නීතිවිරෝධී ලෙස ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන්  ඕමානයට රැගෙන ඒමේ සිද්ධීන් 70 ක් පමණ වාර්තා වන බවයි  ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.

එම තත්ත්වය මැඩලීම සදහා  ඕමාන රජයේ සහාය අපේක්ෂා කරන බවත්, එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළා.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට අමතරව, නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය සහ අප්‍රිකානු රටවල ගෘහ සේවිකාවන් ද මෙලෙස  ඕමානයේ මස්කට් නුවරදී අලෙවි කෙරෙන බව  ඕමානි ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සදහන් කළා.

එහිදී ඔවුන් වැඩිම මුදලක් අය කරන්නේ පළපුරුදු ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් නිවෙස් වල සේවය සදහා ලබාදීමටයි.


මහනුවර දිස්ත්‍රික්කය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:35

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී... Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, සම්බන්ධන් දිනුම්
Friday, 07 August 2020 - 2:13

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට... Read More

ත්‍රිකූණාමලයෙන් සමගි ජන බලවේගයට ආසන දෙකක්
Friday, 07 August 2020 - 2:09

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන... Read More