විදුහල්පති ඉල්ලා මාතලේ උද්ඝෝෂණයක්

Friday, 28 October 2016 - 12:20

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාතලේ - අකුරම්බොඩ ජාතික පාසලේ සිසුන් හා දෙමව්පියන් පිරිසක් එම විද්‍යාලය ඉදිරිපිට අද (28) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, එම පාසලේ විදුහල්පතිවරයා වෙනුවට නව විදුහල්පතිවරයෙකු පත්කර එවීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇතැයි චෝදනා කරමින්.

පාසලට පිවිසෙන මාර්ගයේ ටයර් පුළුස්සමින් මෙම විරෝධතාවය පැවැත් වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත්, අප මේ පිළිබඳව ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චිගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණේ ඇය දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.