ගුවන් සේවිකාවක් දුෂණය කළ හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Friday, 28 October 2016 - 12:29

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගුවන් සේවිකාවක් දුෂණය කළ පුද්ගලයෙකු වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර - මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත් වූ සෙබලෙකු බවයි පොලිසිය කියා සිටියේ.

රාජගිරිය - කලපලූවාව - පළමුවන පටුමගේ, කුලී නිවසක පදිංචිව සිටි 31 හැවිරිදි අවිවාහක මෙම තරුණිය දුෂණයට ලක්ව ඇත්තේ ඊයේ (27) රාත්‍රී 10 යි 45 ට පමණයි.

ඇය සේවය නිමවී ඊයේ රාත්‍රියේ නවාතැන වෙත පැමිණීමෙන් පසු නින්දට ගොස් තිබෙනවා.

අනතුරුව නිවස තුළ සැගව සිටි සැකකරු ඇගේ කාමරයේ දොර කඩා ඊට ඇතුළු වී ඇති බවයි පරීක්ෂණ පවත්වන වැලිකඩ පොලිසියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

එහිදී ඇයව සැකකරු විසින් දුෂණයට ලක් කර තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ පුද්ගලයාගෙන් බේරී නිවසේ නාන කාමරය වෙත ගොස් ඇති මෙම තරුණිය සිද්ධිය පිළිබදව සිය ජංගම දුරකථනයෙන් ඥාතීන් දැනුවත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරුව, මුර සංචාරයේ යෙදුණු වැලිකඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තරුණිය රැදී සිටි නිවසට යාබදව අලූතින් ඉදිකෙරෙන ගොඩනැගිල්ලක සේවය කරන අයෙකු බව පොලිසිය සදහන් කළා.

මේ වනවිට දුෂණයට ලක් වූ ගුවන් සේවිකාව කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති අතර ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද පොලිසිය සදහන් කළා.