ජී.එස්.පී ප්ලස් ඇගයීමකට යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් දිවයිනට

Friday, 28 October 2016 - 12:31

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%9C%E0%B6%BA%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය නැවත ලබාදීම පිළිබද ඇගයීමක් සිදුකිරීමට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 31 වැනිදා සිට නොවැම්බර් 3 වනදා දක්වා දිවයිනේ සංචාරයක නිරත වනවා.

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස ජාතික සංහිදියා ක්‍රියාවලිය ලබා ඇති ප්‍රගතිය මෙන්ම, දේශපාලන හා ආර්ථික වශයෙන් මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබද විශේෂ අවධානයක් යොමුකරනු ඇති.

ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීමේ ඉල්ලීම සාර්ථක කර ගැනීම සදහා පසුබිම සැකසීම මෙම සංචාරයේ අරමුණ බව කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙම නියෝජිත කණ්ඩායමේ නායකත්වය යුරෝපා සංගමයේ දකුණු ආසියාතික කටයුතු පිළිබද කමිටු සභාපතිනි, එක්සත් රාජධානියේ ජීන් ලැම්බර්ට් ට හිමිවී ඇති අතර තවත් යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් 3 දෙනෙකු ඊට ඇතුළත්.

ඔවුන් ශ්‍රී ලංකා සංචාරයේදී කොළඹ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවල සංචාරය කරන අතර, යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ද අධීක්ෂණයට ලක් කරනු ඇති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා බ්‍රසල්ස් නුවර සිදුකළ සංචාරයේදී යුරෝපා පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුව මුණ ගැසී ශ්‍රී ලංකාවට ජී.එස්.පී සහනය නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිළිබදව ද යුරෝපා සංගම් කාර්යාලය මෙහිදී සිහිපත් කළා.