නෝර්වේ සිට මෙරටට ගෙන්වූ පරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් රේගු භාරයට

Friday, 28 October 2016 - 12:54

%E0%B6%B1%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් සහිත බහාලූමක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද විවෘත කෙරුණා.

එහි තිබී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා කල් ඉකුත් වූ මාළු කිලෝග්‍රෑම් 18,480 ක් සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව ප්‍රකාශ කළේ.

නෝර්වේ සිට සිංගප්පූරුව හරහා මෙරටට මෙම මත්ස්‍ය තොගය ගෙන්වා ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවට හෙළි වී තිබෙනවා.

අදාළ මත්ස්‍ය තොගය නෞකාවෙන් මෙරටට ගොඩබාන විටත් නරක් වී තිබී ඇති බවයි සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.