ඉන්දියාව සහ පාකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කරයි

Friday, 28 October 2016 - 12:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කාශ්මීර දේශසීමාවේ මෙහෙයුම් පිළිබදව ඉන්දියානුවන්ගෙන් තොරතුරු එක් රැස් කළ බවට චෝදනා කරමින් නවදිල්ලියේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පැය 24 ක් ඇතුළත රටින් පිටවන ලෙස ඉන්දියාව දැනුම්දී තිබෙනවා.

එම චෝදනා පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම, පාකිස්ථානයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුට ද රටින් නික්මෙන ලෙස පාකිස්ථාන රජය දැනුම් දුන්නා.

ඒ තානාපති සේවා සදහා වන වියනා සම්මුතිය උල්ලංඝනය කළ බව පවසමින්.

එහෙත්, සම්මුතිය උල්ලංඝනය වී ඇත්තේ කෙසේ දැයි පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය පැහැදිලි කර නැහැ.