ශ්‍රී පාද අඩවියේ හෝටලය ගැන භාරකාර හිමියන්ගෙන් හෙළිදරව්වක්

Friday, 28 October 2016 - 13:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB++%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී පාද පුදබිමේ කිසිදු සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රී පාදස්ථානාධිපති අති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹීම සම්බන්ධයෙන් නල්ලතන්නියේදී රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද පැවති සාකච්ඡාවකදීයි උන්වහන්සේ මේබව කියාසිටියේ.

මෙහිදී නාහිමියන් ප්‍රකාශ කලේ ශ්‍රී පාදස්ථානයට පහළ ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක වගකිව යුතු ආයතනවලින් අනුමැතිය ලබාගෙන සංචාරක නිකේතනයක් ඉදි කෙරෙන බවට අදාළ නිලධාරීන් තමන් වහන්සේ දැනුවත් කර ඇති බවයි.

ඊට විරුද්ධ වීමට තමන්ට නොහැකි බව ද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් අවධාරණය කලා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු අඹගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කලේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු දිය ඇල්ලකට ආසන්න පෞද්ගලික ඉඩමක සංචාරක නිකේතනයක් ඉදි කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ද අනුමැතිය හිමිව ඇති බවයි.

මෙම ඉඩම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් එකක් බවට ඇතැම් සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කර තිබුණා.

ගාල්ලේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු හිටපු අමාත්‍යවරයාගෙන් මේ පිළිබදව ප්‍රශ්න කළා. ඔහු කියා සිටියේ තමන්ගේ ඉඩම් පවතින්නේ හම්බන්තොට බවයි.

කැළණි ගඟට ජලය සැපයෙන මාවුස්සාකැළේ ජලාශයට ඉහළින් වූ මරේ දියඇල්ල ද පිහිටා ඇත්තේ නිවාඩු නිකේතනය ඉදිකිරීමට සැලසුම් කර ඇති ඉඩම ආසන්නයේයි.

කෙසේ වෙතත්, මෙවැනි ඉදිකිරීමක් සඳහා අවසර ලබාදිය යුත්තේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් කැදවීමෙන් පසුව බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

මෙම ප්‍රදේශය පාංශු සංරක්ෂණ කලාපයක් ලෙස නම් කර තිබීම ඊට හේතුව බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කළේ.

මේ අතර 2016-2017 ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කෙරෙනවා.

පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සහ පුජා භාණ්ඩ රත්නපුර බලාබද්දල මාර්ගය ඔස්සේත් / රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේ සහ පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සේත් ශ්‍රී පාද මලුව දක්වා වැඩම කිරීමට නියමිතයි.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරයේදී පොලිතින් භාවිතය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ද අද පැවති සාකච්ඡාවේදී එකගතාවකට පැමිණ තිබෙනවා.

එමෙන්ම නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මාර්ගයේ සංයුක්ත තැටි අලෙවිය සම්පුර්ණයෙන් තහනම් කර ඇති අතර වන්දනාකරුවන් පැමිණෙන මාර්ගවල පිහිටි ජලාශවල දිය නෑම ද සම්පුර්ණයෙන් තහනම් කිරීමටයි තීරණය වී ඇත්තේ.








ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Tuesday, 04 August 2020 - 9:36

කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤ වීථිය අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන්... Read More