දක්ෂ ගායකයකු සහ නර්ථන ශිල්පියකු වු බස් රියදුරා බසයේදීම පිළිස්සී මියයයි

Friday, 28 October 2016 - 14:53

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%94+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී බස් රථ රියදුරකු එම රථය තුලදීම පිළිස්සී මියගොස් තිබෙනවා.

බසයේ ගමන් කල කිසියම් පුද්ගලයකු රියදුරා දෙසට ගිනි ගන්නා කිසියම් දෙයක් විසිකර ඇති බවටයි අනාවරණ  වී ඇත්තේ.

එම අවස්ථාවේ බස් රථයේ සිටි මගින් කුලී රථ රියදුරෙකු විසින් බේරාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 11 දෙනෙකු විෂ දුම ආඝ්‍රහණය කිරීම හේතුවෙන් රෝගී වී ඇති බව සඳහන්.

බස් රථයේ සිටි කිසියම් අයෙකු රියදුරා දෙසට ගිනි ගන්නා යමක් විසි කිරීමත් සමග බස් රථය දුමින් පිරී ගොස් තිබෙනවා.

අනතුරුව කුලී රථ රියදුරෙකු බසයේ පිටුපස හදිසි දොරටුව විවෘත කර මගීන් පිටතට ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව 48 හැවිරිදි පුද්ගලයකු ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

29 හැවිරිදි බස් රථ රියදුරා දක්ෂ ගායකයකු මෙන්ම නර්ථන ශිල්පියකු ද වන බවයි ඔහුගේ මිතුරන් ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම ඔහු විවාහ ගිවිසගෙන සිටින අතර නුදුරේදීම විවාහ උත්සවයට ගැනීමට නියමිතව තිබු බව ද මිතුරන් හෙළිකර තිබෙනවා.

මියගිය බස් රථ රියදුරා වෙනුවෙන් අද සහ හෙට දිනයේ බ්‍රිස්බේන් නුවර ජාතික ධජ ද අඩකුඹු කර තබන බවයි නගරාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ.