මියන්මාර මුහුදට ගුවන් යානයක් කඩා වැටේ

Friday, 28 October 2016 - 15:03

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
හඳුනා නොගත් ගුවන් යානයක් මියන්මාරයේ බටහිර මුහුදු ප්‍රදේශයට කඩා වැටී ඇතැයි එරට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

යානය කඩා වැටී ඇති ස්ථානය හඳුනා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගුවන් යානය පැමිණි රට පිළිබඳව මෙතෙක් තොරතුරක් ප්‍රකාශ කළ නොහැකි බව ද එරට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.