මහබැංකු බැදුම්කර සිද්ධියට අර්ජුන් මහේන්ද්‍රන් ඍජුවම සම්බන්ධයි - නීතිය ක්‍රියාත්මක කරන්න - කෝප් කමිටුවෙන් නිර්දේශ

Friday, 28 October 2016 - 18:07

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8D%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%92++-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1++-+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81
බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඍජුව වගකිව යුතු බව කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එම සිද්ධියට අදාළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළ අතර, ඔහු කියා සිටියේ බැඳුම්කර ගණුදෙනුවෙන් අහිමි වූ මුදල් යළි ලබාගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාව මගින් 2015 පෙබරවාරි මස සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට ලක්කර තිබෙනවා.

සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවේ, මෙහි පාද සටහන් නොමැති වාර්තාවට අනුමැතිය ලබාදී ඇත්තේ සාමාජිකයන් 16 දෙනෙකු පමණයි. ඔවුන් අතරට ආණ්ඩුවට සහය ලබාදෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අයත්.

පාද සටහන් සහිත වාර්තාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ද අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ, රවීන්ද්‍ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අලුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, අශෝක් අබේසිංහ, අබ්දුල්ලා මහරූෆ්, හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා යන කමිටු සාමාජිකයන්.

එම පක්ෂය නියෝජනය කරන කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අවසන් තීරණය ගන්නා ලද අවස්ථාවේදී ඊට සහභාගි වී නැහැ.

ඒ අනුව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කළේ අනෙක් සියලු  සාමාජිකයන් වාර්තාවේ නිර්දේශ සඳහා එකඟත්වය පළ කළ බවයි.