ජවිපෙන් අගමැතිටත් චෝදනා

Friday, 28 October 2016 - 18:21

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් හා ඊට පසුව ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඍජු දායකත්වයක් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.

කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ එහි කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ද ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පිළිතුරු ලබාදුන්නා.

ඔහු කියා සිටියේ වරද සැඟවීමට ආණ්ඩුව මාධ්‍යවලට තර්ජනය කිරීමට සැරසෙන බවයි.