කතරගම තානායමකදී අනියම් පෙම මරණයෙන් අවසන් වූ හැටි මෙන්න

Saturday, 29 October 2016 - 7:40

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කාන්තාවක් ඝාතනය කර තමා ද සිය දිවි නසා ගත් පුද්ගලයෙකු පිළිබඳ කතරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස සිය දිවි නසා ගත් පුද්ගලයා කතරගම - පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ඔහු ඊයේ පස්වරුවේ කතරගම රෝහල පිටුපස පිහිටි පෞද්ගලික නවාතැන්පළකට පැමිණ පසුව එම නවාතැන්පළට කාන්තාවක් ද ගෙන්වාගෙන තිබෙනවා.

එහිදී ඔහු විසින් ඇයට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව සඳහන්.

අනතුරුව තිස්සමහාරාම - සෙවනගම පදිංචි සිය ඥාති සොහොයුරියකගේ නිවසට ගොස් මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය කාන්තාව සහ සිය දිවි නසා ගත් තරුණයා අතර කාලයක සිට පැවති අනියම් සබඳතාවයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.