දැඩිව බැදෙමින් අවබෝධයෙන් කටයුතු කරමු - ජනපති දීපවාලී පණිවුඩයෙන් කියයි

Saturday, 29 October 2016 - 8:06

%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%93+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සියලු සිත් තුළ සහජීවනය සහ සංහිදියාව දැල්වීමට අදිටන් කර ගැනීම මෙවර දීපාවලී උළෙලේ ප්‍රාර්ථනාව විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන්නේ අදට යෙදෙන දීපාවලී උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

දශක කිහිපයක් තිස්සේ ඇදී ගිය අභ්‍යන්තර ගැටුම්වල අන්ධකාරය පහව ගොස් ඇති අවස්ථාවක ආලෝකය කරා ගමන් කිරීමට ඇති වටිනා අවස්ථාවක් ලෙස ජනාධිපතිවරයා මෙම දිනය හඳුන්වනවා.

අන්‍යොන්‍ය ලෙස දැඩිව බැදෙමින්, සැබෑ අවබෝධයෙන් කටයුතු කිරීම එහිදී අත්‍යවශ්‍ය වන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ.

දීපාවලී උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

භේද වීම පහසු වුවත්, සමගි සන්ධානයෙන් එක්සත්ව කටයුතු කිරීම මහත් අභියෝගයක් වන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. සාමයෙන්, සමගියෙන් ජීවත්වීමට සියලු දෙනා අදිටන් කර ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර, ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික දීපවාලී උත්සවය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදියි.

එහිදී අද දිනයේ දීපවාලී උත්සවය සමරන ලොව පුරා හින්දු බැතිමතුන්ට සුබ පැතුම් එක් කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

ඒ සඳහා විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඞී.එම්. ස්වාමිනාදන් මෙන්ම රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.