නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිිළිබඳ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට

Saturday, 29 October 2016 - 12:29

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුව සැකසූ අතුරු වාර්තාවක් ලබන මාසයේදී පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ ව්‍යවස්ථාදායක සභාවේ ලේකම් නීල් ඉද්දවෙල පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය දරණ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු  පක්ෂ නායකයින් එහි සාමාජිකත්වය දරණ බවයි නියෝජ්‍ය මහ ලේකම්වරයා කියා සිටියේ.

ඒ අනුව පසුගිය දින හතරක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුව අඛණ්ඩව රැස්ව තිබෙනවා.

එහිදී මැතිවරණ ක්‍රමය, බලය බෙදීම සහ විධායකය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.

නව ව්‍යවස්ථාව සැකසීම සම්බන්ධයෙන් වූ මූලධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳව කරුණු අඩංගු එම වාර්තාව ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

ඉන් අනතුරුව සියලු මහජන නියෝජිතයින්ගේ සහ මහජනතාවගේ අදහස් විමසීමෙන් පසුව සවිස්තරාත්මක කෙටුම්පත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.