නොරොච්චෝලෙ ජනන යන්ත්‍ර තුනම සඳුදා සිට වැඩ

Saturday, 29 October 2016 - 12:34

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%99+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු තාප විදුලි බලාගාරයේ සියලු ජනන යන්ත්‍ර ලබන සඳුදා වනවිට පණගැන්වීමට හැකිවනු ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි සැළසුම් අධ්‍යක්‍ෂ, මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මේ වනවිට ජනන යන්ත්‍ර දෙකක් ජාතික පද්ධතියට එක්කර ඇති අතර, ඉතිරි ජනන යන්ත්‍රයද සඳුදා වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය පසුගිය 15 වනදා සිට සම්පූර්ණයෙන් අක්‍රිය වුණා.

ජනන යන්ත්‍ර 3කින් සමන්විත නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන ධාරිතාව මෙගාවොට් 900ක්.

ජනන යන්ත්‍ර අක්‍රිය වීමත් සමඟ විදුලිය කැපීමක්ද ක්‍රියාත්මක වූ අතර, පසුව එය නතර කෙරුණේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යළි පණගැන්වීමත් සමඟයි.

බලාගාරය හදිසියේ අක්‍රියවීම පිළිබඳව සොයා බලන කමිටුවේ වාර්තාව දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළා.