ඖෂධ මිල පාලන නීති දැඩිව - ජනපති

Saturday, 29 October 2016 - 18:06

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ඖෂධ මිල පනත සම්බන්ධයෙන් නව නීති එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඒ හරහා කිසිදු අයුරකින් රටේ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

ගම්පහ - සණස සුවසෙවණ සයමහල් ගොඩනැගිල්ල ගම්පහ මහ රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයට අද (29) එක්වෙමින්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළා.

මේ අතර ආණ්ඩු තුළ හොරු සිටී නම් බැංකු පද්ධතිය සහ ආර්ථිකය විනාශ වන බව උත්සවයට එක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග ප්‍රකාශ කළා .