අතුරුදන්වූ ඇලි කැස්බෑවාගේ සිරුරු කොටස් වසර 3 කට පසු හමුවේ

Saturday, 29 October 2016 - 21:49

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
2013 වසරේ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිටියදී අතුරුදන් වූ ඇලි කැස්බෑවාගේ බවට සැක කෙරෙන සිරුරු කොටස් කිහිපයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම කැස්බෑ සිරුරු කොටස් සොයාගෙන ඇත්තේ දික්වැල්ල - පෙහෙඹිය ප්‍රදේශයේ ළිඳක් තුළ තිිබියදියි.  

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මීට සම්බන්ධ බවට සැකකරන තවත් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

කොස්ගොඩ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිටි කිලෝග්‍රෑම් 9 හමාරක් පමණ බරකින් යුත් මෙම ඇලි කැස්බෑවා අතුරුදන්වූයේ 2013 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා යි.

පසුව කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබෲ මේ පිළිබඳව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.