අද පස්වරුවේ සිට පැය 48 ක් රට පුරා තද වැසි

Sunday, 30 October 2016 - 6:48

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද පස්වරුවේ සිට දිවයිනේ බොහෝ පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මධ්‍යහ්න 12 සිට ඉදිරි පැය 48 ක කාලය තුළ එම කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.