අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් වර්ජනයක

Sunday, 30 October 2016 - 10:12

%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන්ගේ සංගමය පවසනවා.

මීට පෙර ආණ්ඩුව එකඟ වූ පරිදි රුපියල් 5000 ක වැටුප් වැඩිවීම මෙතෙක් ලබා නොදීමට එරෙහිවයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරන්නේ.

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් බඳවාගැනීම සිදුකර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව මගින්.

ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ වැටුප් වැඩිකළ නොහැකි බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කරන බවයි අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

අප මේ පිළිබඳ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවන්ට දැනට ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

එය ඉහළ දැමීම සඳහා අවශ්‍ය සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.