වැට් නිසා කිරිපිටි කිලෝවක් රුපියල් 100 කින් ඉහළ යන ලකුණු?

Sunday, 30 October 2016 - 12:06

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+100+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%3F
වැට් බදු සංශෝධනයත් සමඟ ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 100 කින් පමණ ඉහළ යා හැකි බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ඔවුන් කියා සිටියේ මෙතෙක් කිරිපිටි සඳහා වැට් බදු පනවා නොතිබුණු නමුත් අලුතින් පාර්ලිමේන්තුවේ සම්මත වූ වැට් බදු සංශෝධන පනත හරහා කිරිපිටි සඳහාද මෙම බද්ද පැනවෙන බවයි.  

කිරිපිටි කිලෝවක් සඳහා මේ වනවිට රුපියල් 725 ක පාලන මිලක්ද පවතිනවා.

මේ නිසා සියයට 15 ක වැට් බද්දක් පැනවීම තුළින් තමන්ට අධික අලාභයක් දැරීමට සිදුවන බවයි කිරිපිටි ආනයනකරුවන් කියා සිටියේ.

මෙම ගැටළුව පිළිබඳ ලබන සතියේදී මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මෙරට ප්‍රධාන පෙළේ ආනයනික කිරිපිටි සමාගමක ප්‍රකාශකයෙකු සඳහන් කළා.

දියර කිරි සඳහා වැට් බදු සංශෝධනය අදාළ නොවීම  හොඳ තත්ත්වයක් බවයි ආනයනකරුවන්ගේ  අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.අයි.එරන්ද පෙරේදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සීනි සහිත සියලු කිරිපිටි සඳහා වැට් බදු අන්තර්ගත බවයි.