දෙමළ වෙබ් අඩවියක් අත්හිටුවයි

Sunday, 30 October 2016 - 12:07

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ලෙස කටයුතු කළ දෙමළ වෙබ් අඩවියක් තාවකාලිකව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

අදාළ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

අදාළ වෙබ් අඩවිය උතුරේ අධිකරණවල විනිශ්චයකාරවරු සම්බන්ධයෙන් මතභේදාත්මක තොරතුරු පළ කරන බවට අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකළ අධිකරණ අමාත්‍යාංශය මෙම වෙඞ් අඩවියේ පළ කරන ප්‍රවෘත්තිවල ගැටළු සහගත තත්ත්වයක් පවතින බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව සඳහන්.

එම අමාත්‍යාංශය  සිදුකළ මූලික විමර්ශනයේදී මෙම වෙබ් අඩවිය මෙරට ලියාපදිංචි වෙබ් අඩවියක් නොවන අතර විදේශ රටක සිට මෙහෙයවන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව ඒ පිළිබඳව වැඩිදුර සොයාබැලීමක් සිදුකළ යුතු බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වී ඇත්තේ.

එම නිර්දේශය අනුව විදුලි සංදේශ නියාමන කොමිසම මගින් අදාළ වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර මෙම වෙබ් අඩවියේ පළකළ ප්‍රවෘත්තිවලට විරෝධය පළ කරමින් පසුගිය 20 වනදා උතුර පළාතේ ප්‍රදේශ කිහිපයක නීතීඥවරුන් විරෝධතා ද පවත්වනු ලැබුවා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:50

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන විට ප්‍රකාශයට... Read More

මහනුවර දිස්ත්‍රික්කය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:35

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී... Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, සම්බන්ධන් දිනුම්
Friday, 07 August 2020 - 2:13

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට... Read More